ශ්‍රී ලංකවේ නම වෙනස් කළ යුතු බවත් සිංහල භාෂාවට ප්‍රමුඛත්වය දිය යුතු බවත් බෞද්ධ භික්ෂුන් කිහිප නමක් පසුගියදා ඉල්ලා සිටියා,
ඒ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සඳහා නව යෝජනාවක් ලෙසින්.
එම යෝජනාව සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය කරමින් තිබු වට පිටාවක උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විනේශ්වරන් මහතා ද ආන්දෝලනාත්මක යෝජනාවක් සිදු කර තිබෙනවා.
ඒ උතුරු නැගෙනහිර පලාත් දෙක ඒකාබද්ධ කොට ස්වයං පාලන ක්‍රමයක් ලබා දිය යුතු බවයි.
තමිල් මක්කල් දේසීය කුට්ටමනි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේශ්වරන් මහතා යෝජනා කරන්නේ අදාළ පරිපාලන ඒකකය සඳහා මධ්‍යම රජයේ මැදිහත් වීමන් පුර්ණ ලෙස බලතල විමධ්‍යගත කිරීමට කටයුතු කළයුතු බවයි.
එසේම උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරන ලද අදාළ ඒකකය නව ප්‍රාන්තයක් වශයෙන් ස්ථාපනය කළ යුතු බවද ඔහුගේ යෝජනාව වී තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට