හිටපු කථානායක සහ ජාතික ජලබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
අන්ත්‍රාදායක ලෙස රිය පැදවීම සහ අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් පොලීසිය සඳහන් කළේය.
හිටපු කථානායකවරයා ඊයේ (12) ගමන්ගත් ජීප් රථය තවත් මෝටර් රථයක ගැටී අනතුරකට පත්විය.
පොලීසිය පැවසුවේ සපුගස්කන්ද දෙනිමල්ල ප්‍රදේශයේදී අදාළ අනතුර සිදුව ඇති බවය.
මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් කළ 25 හැවිරිදි කාන්තාවක්, මාස 6ක් පමණ වයසැති ඇයගේ බිලිඳිය සහ 55 හැවිරිදි මිත්තනිය තුවාල ලබා රෝහල්ගත කර තිබුණි.
පොලිසිය පැවසුවේ අදාළ බිලිඳිය ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලටත් ඇතුළත් කෙරුණු බවය.


අත නොහැර කියවන තැන
බස් රථයක් පෙරළී 9ක් මරුට – 30කට වැඩි පිරිසකට තුවාල
ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි
නුවරඑළියට පිවිසෙන කිසිදු මාර්ගයක රාත්‍රි කාලයේ ගමන් එපා – දිස්ත්‍රික් ලේකම්