Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හිටපු අධ්‍යාපන ඇමති අකිල කතා කරයි – කරන හැටිත්, වෙන හැටිත් කියයි

රූපවාහිනිය ඇති කිරීමේ පරමාර්ථය රජයට අමතක වෙලා, දරුවන් 70% අසරණ වෙලා”

එදා ටැබ් දෙනවාට – අන්තර්ජාල පහසුකම් දෙනවාට එරෙහි වූ අය අද ආණ්ඩුවේ ඉඳන් ඒ වෙනුවෙන් කතා කිරීම ගැන සතුටු වෙනවා”

මේ වන විට කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රජයට නිසි වැඩපිළිවෙලක් නොමැති වීම මීට ප්‍රධානතම හේතුව වී ඇති බවයි.

දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය ලබාදීම මූලික කරගනිමින් රූපවාහිනිය නිර්මාණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ රජය සමයේ ජපන් රජය ආධාර කළ ආකාරය සිහිපත් කළ අකිල විරාජ් කාරියවසම් මහතා අද එම අරමුණ රජයට අමතකව ගොස් ඇති බවද සඳහන් කළා.

දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය ලබා දීම සඳහා ටැබ්, පරිගණක හා අන්තර්ජාල පහසුකම් ලබාදීමේ කටයුතු පසුගිය රජය සමයේ වේගවත්ව ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ අවස්ථාවේ එයට එරෙහි වූ අද ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායම් සහ පුද්ගලයින් එම කටයුතු වෙනුවෙන් කතා කිරීම පිළිබඳ තමා සතුටට පත්වන බවද ඔහු සඳහන් කළා.

දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොවී පවත්වාගෙන යාම සඳහා අනුගමනය කළ හැකි ක්‍රමවේදයන් පිළිබඳව ද හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ කුලියාපිටිය සිය නිවසේ ට මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

About The Author