පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තවාදීන් සමඟ ගනුදෙනු කළ බවට චෝදනා නගමින් අත්අඩංගුවට ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට එරෙහිව සාක්ෂි ලබා දෙන ලෙස විර්ශන නිලධාරීන් විසින් බලපෑම් කළ බවට චෝදනා එල්ල වී ඇති බව වාර්තවනවා.
මදුරන්කුලියේ මද්‍රසා පාසලක ගුරුවරුන් දෙදෙනෙකු බව කියමින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කර ඇති බවත්, නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට එරෙහිව සාක්ෂි ලබා දෙන ලෙස විමර්ශන නිලධාරීන් තමන්ට බලපෑම් කර ඇති බව එම පෙත්සම් දෙකෙහි සඳහන් වන බවත් නීතිඥ එම්.ඒ සුමන්තිරන් මහතා පසුගිය 01 දා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්ති යටතේ මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිට ප්‍රකාශ සිදු කිරීමද සැකකරු සූදානමින් සිටින බව ද සුමන්තිරන් මහතා පවසා තිබෙනවා.
ජනාධිපති නීතිඥවරයා මේ බව ප්‍රකාශ කළේ මදුරන්කුලිය පාසලේ ගුරුවරුන් සම්බන්ධ පැමිණිල්ල එදින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
සැකකරුවන් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මාර්තු 26 වැනිදායි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි ඔවුන් දෙදෙනා විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන් දෙදෙනාකොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
© මුලාශ්‍රය – ලංකා
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට