එකට තියා විනය පියවර ගැනීමට නිර්දේශ වෙයි
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් එක්ව ඊයේ පැවැත්වූ “මුළු රටම හරි මගට ජාතික ප්රකාශනය” එළිදැක්වීමේ වැඩසටහනට සහභාගී වූ සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා වන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක සහ ප්‍රේමනාත් සී. දොලවත්ත සම්බන්ධයෙන් විනය කමිටුවේදී සාකච්ඡා කර ඉදිරි තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනය කරනවා.
එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසුවේ අදාළ වැඩසටහනට පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආරාධනා කර නොතිබුණු බවයි.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක් එය සංවිධාන කර තිබුණ ද එහිදී ප්‍රකාශ වූ ඇතැම් කරුණු ආණ්ඩුවේ සාමුහිකත්වය සමඟ එකිනෙක නොගැළපෙන බවද ඔහු සඳහන් කර තිබෙනවා.
ආණ්ඩුව විවේචනය කරමින් සිදුකළ එවැනි ප්‍රකාශවලට සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා දැක්වූ ප්‍රතිචාරය අනුව ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කළ බවයි වාර්තාවන්නේ.


අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?