Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සීනී ගැසට්ටුව අහෝසියි

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

සුදු සීනි පැකට් නොකළ කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 275ක් සහ පැකට් කළ කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 295ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් ඉකුත් 03 වනදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි.

එසේම දුඹුරු සීනි පැකට් නොකළ කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 330ක් සහ පැකට් කළ කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 350 ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබුණි.

නව ගැසට් නිවේදනය මගින් එම මිල ගණන් ඉවත් කර තිබේ.

About The Author