හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ආනයනික සීනි සඳහා පැනවූ බදු අඩු කිරීමේදී රජයට රුපියල් කෝටි 1,590ක මුදලක් අහිමි වී ඇතැයි චෝදනා කරමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති විසින් ගොනු කර තිබූ පෙත්සම සැප්තැම්බර් මස 12 වැනිදා කැඳවීමට ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (02) දින නියම කර තිබේ.
යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවා ඇත.
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති විසින් මෙම පෙත්සම ගොනු කරමින් ඉල්ලා ඇත්තේ, 2020 වසරේදී ආනයනික සීනි සඳහා පනවන ලද රුපියල් 50ක බද්ද ශත 25ක් දක්වා අඩුකිරීමෙන් රජයට රුපියල් කෝටි 1,590ක පාඩුවක් සිදුව ඇති බවත් ඒ මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත්ය.
© Lanka Trurth


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්