Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සිවිල් නඩු විධාන සංග්‍රහයට සංශෝධනයක් !

සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන තිබෙනවා.

ඒ රථ වාහන වැරදි සම්බන්ධයෙන් අදාළ නඩු කටයුතුවලට අදාලවයි.

උපුටා ගැනීම අමාත්‍ය මණ්ඩල තීරණ

මෑත කාලයේ මෝටර් රථ අනතුරු විශාල වශයෙන් වැඩි වී ඇත.

එවැනි අනතුරක් හේතුවෙන් සහන ලබා ගැනීම සඳහා සිවිල් අධිකරණයකදී නඩුවක් ගොනු කිරීමට සිදු වේ.

එහිදී වින්දිතයා විසින් හෝ ඔහුගේ උරුමක්කාරයා විසින් නෛතික වෛද්‍ය වාර්තාව සහ අනෙකුත් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ යුතු අතර, ඒවා අනිවාර්යෙන්ම “ඔප්පු කිරීමට යටත්ව” වාර්තා වශයෙන් සලකුණු කරනු ලබයි.

එම වාර්තාවල අන්තර්ගත කරුණු ඔප්පු කිරීම සඳහා සාක්ෂි දීම පිණිස වෛද්‍ය නිලධාරියා අධිකරණය හමුවේ පෙනී සිටින බව තහවුරු කර ගැනීම වින්දිතයා හෝ ඔහුගේ උරුමකරු‍ වෙත පැවරේ.

එවැනි රථ වාහන අනතුරු නඩුවක් අවසන් වීම සඳහා වසර 10ක් 12ක් වැනි දීර්ඝ කාලයක් ගත වන බැවින් අදාළ වෛද්‍ය නිලධාරියා දුර බැහැර ප්‍රදේශයක සේවය කරන්නේ නම් ඔහු අධිකරණය වෙත කැඳවීමට රජයට අනවශ්‍ය වැය බරක් දැරීමට සිදු වන අතරම, ඔහුගේ වටිනා කාලය වෘත්තීය කටයුතු සඳහා යෙදවීමේ අවස්ථාව ද අහිමි වේ.

මෙම කරුණු සැලකිල්ලට ගෙන, නෛතික වෛද්‍ය වාර්තාව, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව හා ඇඳ ඉහපත බැලූ බැල්මට පෙනෙන සාක්ෂි වශයෙන් සැලකීම සඳහා විධිවිධාන සැලසීමටත්, ඒ සම්බන්ධයෙන් විත්තිකරු එකඟ නොවන විට වෛද්‍ය සාක්ෂි බිඳ හෙලීමේ භාරය විත්තිකරු වෙත පැවරෙන පරිදි විධිවිධාන සැලසීමටත් හැකි වන පරිදි සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම පිණිස ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

About The Author