රෝයල් පාක් ඝාතනයේ වැරදිකරුවාට ජනාධිපති සමාව ලබා දීම සදහා අතුරලියේ රතන හිමිට කෝටි 3ක් සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට “ගෙදර යන ගමන්” රුපියල් කෝටි 5ක් ලබා දුන් බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අනාවරණය කර සිටිනවා.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (08) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
මරණ දඩුවම හිමිව තිබූ ජූඩ් ශ්‍රමන්ත නැමැති අයගේ දෙමව්පියන් කෝටිපති ඇගලුම් ව්‍යාපාරිකයන් බව පෙන්වා දුන් රන්ජන් රාමනායක මහතා නිදහස ලැබූ සැණින් ජූඩ් ශ්‍රමන්ත සිංගප්පූරුවට ගොස් එතැනින් මැලේසියාවට ගොස් අතුරුදන් වූ බවද පෙන්වා දෙනු ලබනවා.
රනිල්,වජිර සහ සාගල හොරු ආරක්ෂා කළා
යහපාලන ආණ්ඩුව ජනතවට පොරොන්දු වූ පරිදී හොරුන් පසුපස ගොස් පරීක්ෂණ පවත්වන විට යහපාලන ආණ්ඩුවට සම්බන්ධව සිටි වජිර අබේවර්ධන ,සාගල රත්නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ද හොරු ආරක්ෂා කල බවට චෝදනාවක් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් මෙම මාධ්‍ය හමුවේ දී සිදු කළා.
අදාළ වීඩියෝ ව පහළින්..
අත නොහැර කියවන තැන
රේගු පරීක්ෂාවක් නොකර බහාලුම් 323ක් නිදහස් කිරීමේ සිදුවීම ජනපති අනුරට අභියෝගයක් – අමාත්‍යංශ මට්ටමින් විමර්ශනයක්
හඳුන්නේතිට නැවත අනාගනී – මේ කන්නයේ දී රජය සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 29 එකතු කරනවලු – ලංකාවේ වසරක සහල් අවශ්‍යතාවයත් ලක්ෂ 25යි – රජයේ ගබඩාවල දාන්න පුළුවන් ලක්ෂ 3.5 යි
ඉරාන්ලා හර්ෂලා බුද්ධිමත් මෝඩයෝ – අනුරගේ එක කෝමද ඒකට අපේ ලොක්කගේ එක ඇහුන ගමන් ඩෝපර්ලා නටනවා – සජබ අවුල දිගටම පුපුරයි