මහා මාර්ගය රාජකාරියක නිරත වී සිටි පොලිස් නිලධාරියෙකු පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල අද දිනය පුරා වේගයෙන් පැතිර ගියා.
මේ සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීමේදී අනාවරණය වුයේ අදාළ පොලිස් නිලධාරියා මහරගම පොලිසියට අනුයුක්තව සේවය කළ අයෙකු බවයි.
එමෙන්ම පහර කෑමට ලක්ව ඇත්තේ අද උදැසන රථවාහන අනතුරක් සිදු කිරීමේ වරදකට සම්බන්ධ ලොරි රථ රියදුරෙකු බව ද හෙළිව තිබෙනවා.
ඔහු විසින් අනතුරට ලක් කර ඇත්තේ මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා වීමද විශේෂත්වයක්.
අනතුරින් තුවාල ලද පොලිස් නිලධාරියා මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
කෙසේ නමුත් සැකකරුවෙකුට පහරදීම සිදුකළ නොහැකි වීම හේතුවෙන් අදාළ පහරදීම සිදුකළ නිලධාරියාද වැඩ තහනම් කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
එමෙන්ම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට ද කටයුතු කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට