බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ගෑස් මිල තීරණය කිරීම සදහා පත් කරන ලද අමාත්‍ය උප කමිටුවෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තවනවා.
ඔහු සඳහන් කර ඇත්තේ ගෑස් මිල තීරණයද ඉන්ධන මිල සම්බන්ධ තීරණය මෙන් විය හැකි බැවින් තමා අදාළ අනුකමිටුවෙන් ඉල්ලා අස්වන බවයි.
ඉන්ධින මිල වැඩිකලේ රජයේ පොදු තීරණය අනුව වුවද ආණ්ඩුවේම පිරිස් විසින් පහරදීම හේතුවෙන් උදය ගම්මන්පිල මහතා දැඩි අපහසුතාවට පත් ව සිටිනවා.
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධණ මහතා විසින් මේ බව කැබිනට් මණ්ඩලයටද වාර්තා කර ඇති බවයි වාර්තාවන්නේ.
© Lanka C news


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට