කොවිඞ් දෙවන රැල්ලෙන් පසු පාසැල් යළි විවෘත කළද, කොවිඞ් තත්ත්වය හමුවේ ආරම්භ කළ දුරස්ථ අධ්‍යාපන ක්‍රමය තවදුරටත් පුළුල් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ බොහෝ ප්‍රදේශවල මෙම ක්‍රමය හරහා සාර්ථක ප්‍රතිපල පෙන්වූ අවස්ථා හඳුනාගෙන ඇති බවයි.
ගුරු හිගයට ද විසඳුමක් ලෙස දුරස්ථ අධ්‍යාපන ක්‍රමය භාවිත කිරීමට සැලසුම් සකස් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ අනුව තව දුරටත් දුරස්ථ අධ්‍යපන අවස්ථා පුළුල් කිරීම සඳහා අවශ්‍ය පාඩම් මාලා පුළුල් කිරීම අන්තර්ජාල ආවරණයන් පුළුල් කිරීමට ද රජයේ අවධානය යොමුව තිබෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට