එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ අනතුරේ බලපෑම හේතුවෙන් විශාල මුහුද මුහුදු ජීවීන් 200කගේ සිරුරු වෙරළට ගොඩ ගසා තිබූ බව මේ වන විට තහවුරු වී තිබෙනවා.
ඒ අනතුරෙන් මියගොස් වෙරළට ගොඩගැසූ දහස් ගණනක් වන මත්ස්‍යයින්ට අමතරවයි.
මුහුදු කැස්බෑවුන් 176 දෙනකු, තල්මසුන් 04 දෙනෙකු සහ ඩොල්ෆින් මසුන් 20 දෙනෙකු මේ වනවිට මිය ගොස් ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අද (30) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මේ බව සඳහන් කළේ අදාළ පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
මේ සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව දිවයිනේ අධිකරණ 26කට කරුණු ඉදිරිපත් කරනු ලැබ ඇති බවත් විශ්ලේෂණ වාර්තා කැදවීම සදහා රස පරීක්ෂකවරයා වෙත අදාළ වාර්තා යොමු කර ඇති බවත් නිතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර තිබෙනවා.
එම සත්ත්ව මරණ වාරකන් කාලය හේතුවෙන් සිදු වී ඇති බවට ඇතැම් පුද්ගලයින් ප්‍රකාශ කර තිබුණත් ඒවා පිළිගත නොහැකි බව පැවසූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එම මරණ “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර හානිය හේතුවෙන් සිදු වූ බව සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය විසින් පත්කරන ලද විශේෂඥයින් 39 දෙනෙකුගෙන් යුත් කමිටුව මඟින් ද නිර්දේශ කර ඇතැයි ද මෙහිදී තහවුරු කළ බව සඳහන්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට