ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට යද්දි රට බංකොලොත් කළ පොහොට්ටුවේ පිරිසකුත් කැඳවාගෙන ගොස් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ( 21) පැවසීය.
ඔහු මෙසේ කටයුතු කරන්නේ පොහොට්ටුවේ අය සතුටු කිරීමට බව පැවසූ විපක්ෂනායකවරයා රටේ ජනතාවගේ බදු මුදල් මේ ආකාරයට නාස්ති නොකරන්නැයිද ඉල්ලීමක් කළේය.
විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
සජිත් පේමදාස මහතා මෙසේද පැවසීය.
“අත්‍යවශ්‍ය නිලධාරීන් ගෙනිච්චට කමක් නැහැ. රට බංකොලොත් කරපු පොහොට්ටු කණ්ඩායමක් ගෙනිච්චේ මොන එකකටද. ඒ කණ්ඩායම සතුටු කරන්න මේවා කරන්නේ. ජනතාවගේ බදු සල්ලි මේ විදිහට නාස්ති කරන්න එපා.”


අත නොහැර කියවන තැන
මෙන්න සහන…
මහින්දානන්ද සහ නලින්ගේ අභියාචනා කැඳවීමට දිනයක්
තවත් අලි අනතුරක්