Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සංචරණ සිමා දිගු කෙරේ – වාහන භාවිතයත් තහනම්- නව උපදෙස් මෙන්න

පවතින තත්ත්වය පාලනය කිරීමට සංචරණ සීමා ජූනි 07 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ කොවිඩි මර්දන විශේෂ කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේ දීයි.

හෙට (25) අළුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා සංචරණ සීමා ලිහිල් කිරීම සැලසුමයි.

ඒ අනුව හෙට (25) දින විවෘතව තැබිය හැක්කේ සිල්ලර වෙළෙඳ සැල්, ඖෂධ සැල්, මාළු, මස්, එළවළු, බේකරි නිෂ්පාදන වෙළෙඳ සැල් හා ඉන්ධන පිරවුම් හල් පමණි.

සීමා ලිහිල් කෙරෙන දිනවලදී අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට එක් නිවසකින් එක් අයෙකුට පමණක් ආසන්නම වෙළෙඳ සැලට යාමට අවසර හිමි වේ.

සංචරණ සීමා බල පැවැත්වෙන සහ ලිහිල් කෙරෙන කාල සීමාව තුළ සුරා සැල් සම්පූර්ණයෙන් වසා තැබිය යුතුය.

හෙට (25) දිනයේ දී නිවසින් බැහැර වීමේදී හැඳුනුම්පතේ අවසන් අංකය පිළිබඳ ක්‍රමය ක්‍රියාත්මක නොවේ.

කිසිදු හේතුවක් මත වාහනවලින් පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට වෙළෙඳ සැල් වෙත ගමන් කළ නොහැකිය.

  • හෙට (25) රාත්‍රී 11.00 සිට මැයි 31 අළුයම 4.00 දක්වා නැවතත් පෙර පරිදි සංචරණ සීමා පැනවේ.
  • මැයි 31 වන දින අළුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා යළි සංචරණ සීමා ලිහිල් කෙරේ.
  • මැයි 31 රාත්‍රී 11.00 ට නැවත පැණවෙන සංචරණ සීමා ජූනි 04 අළුයම 4.00 දක්වා බල පැවැත් වේ.
  • ජූනි 04 වන දින අළුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා යළි සංචරණ සීමා ලිහිල් කෙරේ.
  • ජූනි 04 රාත්‍රී 11.00 ට නැවත පැණවෙන සංචරණ සීමා ජූනි 7 වන දින අළුයම 4.00 දක්වා ක්‍රියාත්මක කෙරේ.

යුද හමුදාව සහ ගුවන් හමුදාව ඩ්‍රෝන යානා යොදා ගනිමින් සංචරණ සීමා කඩකරන්නන් පිළිබඳ තොරතුරු දිනපතා නිරීක්ෂණය කරයි.

සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේ පහසුව සඳහා ප්‍රාදේශීය මට්ටමින් ජංගම වෙළෙඳ රථ යෙදවේ.

ජනතාව මුහුණ දෙන අපහසුතා පිළිබඳ දැනුම් දීමට සහ සම්බන්ධීකරණ තොරතුරු සේවාවක් ලෙස 1965 ක්ෂණික දුරකථන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මකයි.

ප්‍රාදේශීය මට්ටමින් ගොවීන්ට අළෙවි කරගත නොහැකි එළවළු අස්වනු රජය මගින් මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

සංචරණ සීමා කාලය තුළ මාර්ගවල ධාවනය වන වාහන සැබවින්ම අත්‍යාවශ්‍ය සේවාද යන්න සෝදිසි මෙහෙයුම් පොලීසිය විසින් ක්‍රියාත්මක කෙරෙනු ඇති.

➢ සීමා ලිහිල් කෙරෙන දිනවලදී අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට එක් නිවසකින් එක් අයෙකුට ආසන්නම වෙළෙඳ සැලට යාමට අවසර..

➢ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේ පහසුව සඳහා ප්‍රාදේශීය මට්ටමින් ජංගම වෙළෙඳ රථ..

➢ ජූනි 07 දක්වා සුරාසල් සම්පූර්ණයෙන් වසා තැබේ..

➢ සංචරණ සීමා කඩකරන්නන් පිළිබඳ තොරතුරු සෙවීමට යුද හමුදාවෙන් සහ ගුවන් හමුදාවෙන් ඩ්‍රෝන යානා මෙහෙයුම්..

© ජනාධිපති මාධ්‍ය අංශය

About The Author