Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ශිරාණි ට කරපු විදිය හරි , මොහාන්ට කරපු විදිය වැරදී. අපි වරද නිවැරදි කරනවා – අධිකරණ ඇමති කියයි

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට පසුගිය රජය ගත් ක්‍රියාමාර්ග කිසිසේත් නීත්‍යනුකූල නොවන බැවින් එම වරද නිවැරදි කිරීමට තමන් පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ මොහමඩ් අලි සබ්රි මහතා පසුගියදා (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කර තිබෙනවා.

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ධූරයෙන් ඉවත් කිරීම යනු නිවැරදි කළ යුතු වරදක් බවත් එම වරද නිවැරදි කිරීමට අගමැතිවරයා සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා මෙහිදී සඳහන් කළා.

එමෙන්ම අගවිනිසුරුවරයකු ධූරයෙන් ඉවත් කිරීමේ ව්‍යවස්ථානුකූල බලයක් ජනාධිපතිවරයකුට හෝ ජනාධිපති ලේකම්වරයකුට නොමැති බව ද අධිකරණ අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

ඇමැති අලි සබ්‍රි මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ අගවිනිසුරු ධූරයෙන් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයේ ඉවත් කළේ පාර්ලිමේන්තුවේ කාරක සභාවක් මගින් දුන් නිර්දේශයක් මත බවත් එය නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු මඩුල්ලක් විසින්ද තීරණය කර තිබු බවයි.

නමුත් අගවිනිසුරු ධූරයෙන් මොහාන් පීරිස් මහතා ඉවත් කළේ පාර්ලිමේන්තු ක්‍රියා පිටිපාටියෙන් තොරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බවත් එය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණිව බවත් අධිකරණ අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

About The Author