එළඹෙන පෙබරවාරි-මාර්තු මාසවලදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස ජෙරොම් ලී ජයරත්න මහතා පත්කර ඇති බව වාර්තාවනවා.
දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වන ජෙරොම් ලී ජයරත්න මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් හි පුහුණුකරුවෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ අසන්තා ද මෙල් මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමග ජයරත්න මහතා මෙම තනතුර සඳහා පත්කර තිබෙනවා.
එළඹෙන කොදෙව් සංචාරයට ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක්, සහ T 20 තරග තුනක් ඇතුළත්.
නව කණ්ඩායම් කළමනාකාර ධුරයට පත් පත් ජෙරොම් ලී ජයරත්න මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ටට්යානා ලී ජයරත්න මහත්මියගේ පියා යි.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි