ලංකා ඉතිහාසහේ ප්‍රථම වරට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙහි ප්‍රධානියා විසින් ශ්‍රී ලංකාවේ සිදුවී ඇති සහ සිදුවෙමින් පවතින ආර්ථික අපරාධ පිළිබඳ ප්රශ්නය මතු කර තිබෙන අතර රට බංකොලොත් කිරීමට වගකිව යුතු පුද්ගලයින් නීතිය හමුවට ගෙන ඒමට අවශ්‍ය බවට මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ වාර්තාවක් ඉදිරිපත්කරමින් අවධාරණය කළේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාව ප්‍රකෘතිමත් කිරීමට සහ මානව හිමිකම් කඩකිරීම් සහ ආර්ථික අපරාධ සඳහා දණ්ඩමුක්තිය ඇතුළු අර්බුදයට යටින් පවතින හේතූන් ආමන්ත්‍රණය කිරීමට සහාය දෙන ලෙස දිරිමත් කරයි.
ශ්‍රී ලංකාව දේශපාලනික වශයෙන් ඉතා බැරෑරුම් සන්ධිස්ථානයකට පැමිණ ඇති බවත් වත්මන් ආර්ථික අර්බුදයට මුල්වූ සාධක හඳුනාගෙන අවශ්‍ය පියවර ගැනීම, ආර්ථිකමය අපරාධ සහ දුෂණය මැඩලීම සඳහා පියවර ගැනීම වැදගත් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසයි.
ශ්‍රී ලංකාවේ යුද සමයේ හා ඉන් අනතුරුව ඇතිවූ මානව හිමිකම් පිළිබඳව වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙතෙක් කලක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අවධානය යොමුකර තිබූ අතර මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට වගකිවයුත්තන් ට එරෙහිව ක්‍රියා කිරීමද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.
අදාළ වාර්තාව මෙතැනින් කියවන්න..
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට