Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ශ්‍රී මහා බෝ මළුවේ අලුත් සහල් මංගල්‍ය රාජ්‍ය උත්සවයත් රාජ්‍ය පාලකයින් සහ දේශපාලකයින් මඟ හරී

55 වසරක ඉතිහාසයේ දේශපාලකයින් නැති පළමු අලුත් සහල් මංගල්‍යය අද නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන්

55 වන ජාතික අලුත් සහල් මංගල්‍යය අද (03) උදෑසන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස දී පවත්වා තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙවර අදාල රාජ්‍ය උත්සවය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පමණක් පැවැත්වුණු බවයි.

සාමාන්‍යයෙන් අලුත් සහල් මංගල්‍යය රාජ්‍ය නායකයා ගේ ප්‍රධානත්වයෙන්.

නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අලුත් සහල් මංගල්‍යය වෙනුවෙන් පැමිණ තිබුණේ නැහැ.

මෙහි ඇති තවත් වැදගත් කරුණක් වන්නේ මෙම උත්සවයට ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් හෝ ප්‍රාදේශීය නායකයින් හෝ සහභාගී නොවීමයි.

මෙහිදී පැමිණ සිටි පිරිස විසින් චාරිත්‍රානුකූලව මහා පාත්‍රය සහලින් පුරවනු ලැබූ අතර පෙර වසරවල දී මෙන් පළාත් නවයෙන් ම රැගෙන ආ අලුත් සහල් මේ සඳහා භාවිත කෙරුණා.

අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන් වහන්සේ විසින් මහා පාත්‍රයට පළමුව සහල් එක්කළා.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ , ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල් . අබේරත්න, අනුරාධපුර දිස්ත්‍රික් මහ දිසාපති ජනක ජයසුන්දර , අනුරාධපුර ගොවිජන සේවා නියොජ්‍ය කොමසාරිස් චමින්ද ඒකනායක යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

පැවිදි අනුශාසනාව පැවැත් වූ ලංකාරාමාධිකාරී අධිකරණ සංඝනායක පූජ්‍ය රළපනාවේ ධම්මජෝති නායක ස්වාමීන් වහන්සේ සඳහන් කළේ , සියලුදෙනා අවංකව රාජකාරී කරමින් රට වෙනුවෙන් වෙහෙසෙන්නේ නම් , මේ රට ස්වයංපෝෂිත කිරීම ඉතා පහසුවෙන් කළහැකි බවයි.

එමෙන්ම විවිධ විවේචන සිදුකිරීම් නතර කර ඒ වෙනුවට දියුණුව වෙනුවෙන් වන නිසි ජනතා දැනුවත් කිරිමක නිරත වීම අත්‍යවශ්‍ය බව ද උන්වහන්සේ අවධාරණය කරන්නට යෙදී තිබෙනවා.

පෙර වසරවල දී මෙන්ම සබරගමු පළාතෙන් ගෙන එන ගිතෙල් පූජා කිරිම හා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ට රිදී කාසි පූජා කිරීම ද අද සිදු කර තිබෙනවා.

About The Author