දිවයින පුරා ගත වූ මාස කිහිපයේ දී සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් රට තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 62ක් සිදුකර තිබේ.
එහි දී පුද්ගලයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තවත් 37 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
රට තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි සිදුකරන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී මේ පිළිබඳ අනාවරණය වී ඇත.
එහි දී අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ, දකුණ සහ බස්නාහිර පළාත්වල වෙඩි තැබීම් සිදුකළ වෙඩිකරුවන් අට දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.


අත නොහැර කියවන තැන
අල්ලස් ලබාගත් රජයේ සේවකයෙකු අත්අඩංගුවට
යෝෂිතට සහ ඩේසි ෆොරස්ට්ට එරෙහි නඩුව කැඳවන්න දින නියම වෙයි
මාළිමා මන්ත්‍රී ජගත් මනුවර්ණට වරෙන්තු