වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඇතුළු මෙරට සියලු ක්ෂේත්රවල නියෝජිතයින්ගේ විශේෂ හමුවක් අද (03) පැවැත්වීමට නියමිතව තිබේ.
අද පස්වරු 3ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති සන්ධානය නියෝජනය කරන සියලු පාර්ශව සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව රජයේ නව බදු සංශෝධනයන්ට එරෙහිව ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ග, යෝජිත නව ත්‍රස්ත විරෝධි පනත සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවරයන් සම්බන්ධයෙන් මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.
ඊට අමතරව නව ත්‍රස්ත විරෝධි පනත සම්බන්ධයෙන් අධ්‍යයන කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පත් කර ඇති කමිටුවේ අදහස් ද මෙහිදි විමසීමට නියමිත බව සඳහන්ය.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්