කතාව බොරුවක්ලු මුදල් අමාත්‍යංශ ලේකම් කියයි
උද්ධමනය ඉහළ යාමත් සමඟ රුපියල් 10,000 වටිනාකම සහිත නව මුදල් නෝට්ටුවක් මුද්‍රණය කිරීමට සූදානමක් ඇතැයි වාර්තා පැතිර යමින් පවතිනවා.
නමුත් එසේ පැතිරයන වාර්තා අසත්‍ය බවයි මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කරන්නේ.
අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සඳහන් කරන්නේ මේ වන විට විදේශ විනිමය සංචිත ඉහළ නැංවීමට කඩිනම් ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවයි.
රහසේ ලැබෙන ඩොලර් බිලියන එක හමාර
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ මේ මස අවසානය වනවිට විදේශ සංචිතය ඩොලර් බිලියන 3 දක්වා වැඩිකර ගැනීමට හැකි වනු ඇති බවයි.
මෙම සතියේ අවසානය වන විට ඩොලර් බිලියන එක හමාරක මුදලක් හිමිවනු ඇති බවත් ඒ අනුව මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3 ඉක්මවනු ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
නමුත් මුදල් ලැබෙන මාර්ගය පිළිබඳව මේ මොහොතේ හෙළි කළ නොහැකි බවත් මුදල් ලැබුණු පසු ඒ ගැන හෙළි කළ හැකි බවත් ඔහු සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වෙත පවසා තිබෙනවා.
දැනට මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන 1.5 කට සීමා වී ඇති බවයි පැවසෙන්නේ.
© Lanka C News


අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට