උසස් පෙළ සිංහල භාෂාව හා සාහිත්‍ය ගුරුවරයාට කොළඹ විශාඛා විදුහලට ස්ථාන මාරුවක් ලබා දුන්නේ ගුරුමාරු මණ්ඩලයේ හා අධ්‍යාපන ලේකම්ගේ අනුමැතිය මත බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරුමාරු අධ්යක්ෂ ධම්මිකා ජයනෙත්ති මහත්මිය පවසනවා.
එම ගුරුවරයා විශාඛා විදුහලට පැමිණීම සම්බන්ධයෙන් විදුහල්පතිනිය තමන්ට චෝදනා එල්ල කිරීම නිවැරදි නොවන බවත ඇය සදහන් කළ බව අරුණ පුවත්පත වාර්තා කරනවා.
අධ්‍යක්ෂවරිය මේ බව සඳහන් කළේ එම ගුරුවරයාගේ ස්ථාන මාරුවට අදාළව විශාඛා විදුහල්පතිනී සඳමාලි අවිරුප්පොළ විසින් කරන ලද චෝදනාව සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙමින්.
ගුරුවරුන් ස්ථාන මාරු කිරීම තමන්ට තනිව කළ නොහැකි දෙයක් බවත් තමන් ක්‍රියාත්මක කරන්නේ ගුරුමාරු මණ්ඩලයේ හා ලේකම්වරයාගේ තීරණ පමණක් බවත් කී ධම්මිකා ජයනෙත්ති, විදුහල්පතිනිය චෝදනා කරන ආකාරයට එම ගුරුවරයා සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබී නොමැති බවත් කීවාය.
එලෙස චෝදනාවක් එල්ල වූයේ නම් ඒ පිළිබඳ පරීක්ෂණ වාර්තාවක් අමාත්‍යාංශයේ තිබිය යුතු බවත් ඇය සඳහන් කළාය.
විශාඛා විදුහලට භාර නොගත් ගුරුවරයා සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (10) වනතුරුත් කිසිදු තීරණයක් ගෙන නොතිබිණි.
අත නොහැර කියවන තැන
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක
රාජ්‍ය සේවයේ ගෙවීම් DIGITAL වේදිකාවකට මාරු කෙරේ
ආනන්ද විජේපාල දරන මහජන ආරක්ෂක ඇමති ධූරය සහ ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි පෙත්සමක්