එළබෙන 4 වනදා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාරදීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද (02) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති අතර එහිදී මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව විශ්වාසභංග යෝජනාව හා දෝෂාභියෝගය එදින කතානායකවරයා වෙත භාරදීමට කටයුතු කරන බවත් එහිදී තවදුරටත් ආණ්ඩුව රැකගැනීමට කටයුතු කරන පිරිස් ගැන අනාවරණය කිරීමටද කටයුතු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ වැඩිදුරටත් සදහන් කළේ.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්