අප්‍රේල් 30 වැනිදා දක්වා මෙරට සියලුම පාසල් වසා දැමීමට තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයා පවසනවා.
ඒ අනුව රජයේ පාසල්, පෞද්ගලික පාසල්, පෙර පාසල්, පිරිවෙන් උපකාරක පන්ති හා අධ්‍යාපනයට අදාළ සියලු කටයුතු මේ අනුව අත්හිටුවිය යුතු බවද ඇමතිවරයා සඳහන් කලේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
බස්නාහිර හා වයඹ පළාත හැර සෙසු පළාත්වල පාසල් අද (27) සිට වැඩ ඇරඹූවත් කොවිඩ් අවධානම හේතුවෙන් සිසුන් පාසල් වෙත පැමිණීමේ විශාල අඩුවක් දක්නට ලැබුණා.
එසේම ත්‍රීකුණාමලය, කුරුණැගල, අම්පාර, කෑගල්ල ඇතුලු දිස්ත්‍රික්ක ගණනාවක අධ්‍යාපන බලධාරීන් පාසල් වසා දැමීමට නිවේදනය කිරීම් හමුවේ තත්වය තව දුරටත් සංකීර්ණ වීම හමුවේ රජය විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග වලට අනුව ලබන (30) වන සිකුරාදා දිනය තෙක් වසා දැමෙන පාසල් ලබන සඳුදා (03) දා සිට නැවත ආරම්භ කරන බව පැවසුන ද පවතින තත්වය මත එවැනි තීරණයක් ගැනීමට නොහැකි වී ඇති බවයි පැවසෙන්නේ.
ඒ අනුව පාසල් ආරම්භ කරන දිනය පිළිබඳ මේ වන විට නිශ්චිත දිනයක් සඳහන් කළ නොහැකි වට පිටාවක් නිර්මාණය වී ඇති බවයි වාර්තාවන්නේ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට