පසුගිය ඉරිදා පැවති ඔස්කාර් සම්මාන උත්සවයේ දී විකට නළු ක්‍රිස් රොක්ට වේදිකාව මත දී ම කම්මුල් පහරක් එල්ල කිරීමේ සිදුවීම හේතුවෙන් ඇමෙරිකානු නළු විල් ස්මිත් ඔස්කාර් ඇකඩමියෙන් ඉල්ලා අස්වී තිබේ.
“94 වැනි ඔස්කාර් සම්මාන ප්‍රදානෝත්සවයේ දී මා කළ ක්‍රියාව කම්පන සහගත, වේදනාකාරී සහ සමාව දිය නොහැකි එකක් විය.” ඔහු පවසයි.
ඇකඩමිය පැවසුවේ ස්මිත්ගේ ඉල්ලා අස්වීම පිළිගත් බවත් විනය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.
හිසකෙස් ගැලවී යාමේ රෝගී තත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ බිරිඳගේ මුඩු කරන ලද හිස පිළිබඳ විහිළුවක් හේතුවෙන් කෝප ගත් ස්මිත් රොක්ට පහර දුන්නේය.
පැයක් යන්නට මත්තෙන්, ඔහුට ටෙනිස් තරු වන වීනස් සහ සෙරීනා විලියම්ස්ගේ පියා ලෙස රඟපෑ “කිං රිචඩ්”හි චරිතය වෙනුවෙන් හොඳම නළුවා සම්මානය හිමි විය.
“මා රිදවූ අයගේ ලැයිස්තුව දිගු ය. ඒ අතරට ක්‍රිස්, ඔහුගේ පවුලේ අය, මගේ ආදරණීය මිතුරන් සහ ආදරණීයයන්, පැමිණ සිටි සියල්ලන් සහ නිවසේ සිටි ගෝලීය ප්‍රේක්ෂකයින් ඇතුළත් වේ” සිකුරාදා දින ප්‍රකාශයක් නිකුත් කරමින් ස්මිත් පැවසීය.


අත නොහැර කියවන තැන
තායිවාන මුහුදු සීමාවේ චීන යුද අභ්‍යාසයක්
ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි
උතුරු කැරොලිනාවෙන් වාර්තාවන හද කම්පා කරවන ගුවන් අනතුර