Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

විපක්ෂ නායක සජිත් නීතීඥයන් ගැන බොරු කියලා – නාමල් රාජපක්ෂගෙන් චෝදනා

සිය ෆේස්බුක් ගිණුමෙහි අසත්‍ය කරුණු ප්‍රකාශ කළ බවට සමගි ජනබලවේගය පක්ෂයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට චෝදනාවක් එල්ලවී තිබෙනවා.

ජනතා නීතිඥයෝ නම් සංගමයක් විසින් මෙම චෝදනාව එල්ල කර තිබෙන්නේ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන අසේල සම්පත් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු වෙනුවෙන් සමගි ජන බලවේගය නීතිඥ සහාය ලබා දුන් බවට පල කළ සටහන හේතුවෙන්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ෆේස්බුක් පිටුවේ සටහන පහත දැක්වෙයි.

dfe cv

නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමු කරමින් ජනතා නීතිඥයෝ සංවිධානය දැනුම් දී ඇත්තේ ඔහුගේ එම පළ කිරීම හේතුවෙන් තම සංවිධානය මෙන්ම නීතිඥවරුන්ද බලවත් අපහසුතාවයකට පත්ව ඇති බවයි.

අසේල සම්පත් මහතා ජුනි 26 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහුට ඇප ලබා ගැනීම සදහා ‘ජනතා නීතිඥයෝ’ සංවිධානයේ සේනක පෙරේරා, මංජුල පතිරාජ, මංජුල ශ්‍රී චන්ද්‍රසේන, නාලක ප්‍රියවංශ, ලලිත් පතිරණ යන නීතිඥවරුන් පෙනී සිට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණය විසින් ඇප නියම කළ බව එම ලිපියේ දැක්වෙනවා.

එමඟින් ඔවුන් අවධාරණය කරන්නේ කිසිදු ලෙසකින් සමගි ජන බලවේගය ට සම්බන්ධ නීතිඥවරුන් අදාළ කටයුත්තට සහභාගී නොවූ බවයි.

ජනතා නීතිඥයෝ සංවිධානය නිකුත්කළ ලිපිය පහත දැක්වෙයි.

sdfdfrt

About The Author