Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

විදුලිය කපන වේලාව අඩු කරයි

Power Cut

අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 02 වැනිදා දක්වා දින 04 ක කළ සීමාව සඳහා විදුලි කප්පාදුව සිදුකරන වේලාවෙහි සංශෝධනයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව පැය තුනක විදුලි කප්පාදුව වෙනුවට පැය 02යි මිනිත්තු 20ක කාලයක් සඳහා විදුලි කප්පාදුවක් සිදුකිරීමට අනුමැතිය ලබා දුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W යන කලාප සඳහා දහවල් කාලයේ පැය1ක කාලයක් විදුලිය කප්පාදු කරනු ඇති.

එම කලාප සඳහා සවස කාලයේදී පැය 01යි විනාඩි 20ක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.

පැවති වර්ෂාව සමඟ ජල විදුලි සැපයුමේ සිදුවූ වර්ධනය මේ සඳහා හේතු ප්‍රධාන වශයෙන් බලපා ඇති බවට තොරතුරු දැනගන්නට තිබෙනවා.

About The Author