විවෘත කිරීම අමාත්‍යාංශ ලේකම්ගේ ප්‍රධානත්වයෙන්
තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් 09 වන වරටත් සංවිධානය කරන ලද “ව්‍යවසාය 2022” අලෙවි හා අධ්‍යාපනික ප්‍රදර්ශනය පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයයේදී ආරම්භ කෙරුණා.
ළඟ එන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට අවශ්‍ය ඇඟලුම්, පාවහන්, ආභරණ, බෑග් වර්ග, ආයූර්වේද නිෂ්පාදන, ආහාර හා රසකැවිලි, විසිතුරු නිර්මාණ ඇතුළු තවත් බොහෝ දේශීය නිෂ්පාදන එකම තැනකින් සාධාරණ මුදලකට මිලදී ගැනීමට මෙම ප්‍රදර්ශනය මගින් ඉඩකඩ සහ පහසුකම් සළසා තිබෙනවා.
එසේම, නව ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තුවන පිරිසට සහ, පවතින ව්‍යාපාර සංවර්ධනය කර ගැනීමට උනන්දුවක් දක්වන පිරිස්වෙත ඒ සඳහා අවශ්‍ය උපදෙස් හා මඟපෙන්වීම් ලබා ගැනීමේ අවස්ථාව ද මෙහිදී හිමිකර දී තිබීම විශේෂත්වයක්.
ප්‍රදර්ශනය අප්‍රේල් මස 03 දින දක්වා පැවැත්වෙන අතර, දිනපතා පෙ.ව. 10.00 සිට ප.ව. 10.00 දක්වා මහජනතාව සඳහා විවෘතව තැබීමට නියමිතයි.



අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට