මහජනතාවට විස කවන ආහාර වර්ග පිළිබඳව තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා සිංහලේ ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් සහ ස්වාමීන්වහන්සේ කිහිප නමක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත පැමිණ තිබුණා.
ඒ අදාළ තොරතුරු උන්වහන්සේලාට ලබා දෙන බවට පාලනාධිකාරිය සිදුකර තිබු පොරොන්දුවකට අනුවයි.
කෙසේ වෙතත් එසේ පැමිණි පිරිසට දැකගත හැකිව තිබෙන්නේ ආයතන පරිශ්‍රයට ඇතුළු වීමට නොහැකි ලෙස ඉබි යතුරු දමා වසා ඇති ආකාරයයි.
ඉන් අනතුරුව ඇති වුයේ උණුසුම් වාතාවරණයක්.
ප්‍රමිති ආයතන සභාපතිවරයා පොරොන්දු වූ තොරතුරු ලබා ගැනීම සඳහා පැමිණි තමන්ට ආයතනයට ඇතුළු වීමට ඉඩ ලබා නොදෙන්නේ මන්දැයි විමසමින් පිරිස කටයුතු කරන විට ආයතනය තුලින් පැමිණි සේවකයින් කිහිප දෙනෙක් එයට මැදිහත් වීම සමග උණුසුම් වචන හුවමාරුවක්ද සිදු වුණා.
අවසානයේ පොලිසිය මැදිහත්ව කිහිප දෙනෙකුට ආයතන පරිශ්‍රයට ඇතුළු වීමට අවකාශ සලසා දුන්නද ඔවුන්ට අදාළ තොරතුරු නම් ලැබී තිබුණේ නැහැ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට