සහස්ර ගණනාවක් තිස්සේ මිනිසුන් “රෝස්රූට්” (රෝඩියෝලා රෝසියා) නමැති ඖෂධ පැළෑටියේ ගුණය පිළිබඳ දැන සිටි බව පෙනේ. සයිබීරියානු ජනප්‍රවාදයන්ට අනුව, රෝස්රූට් තේ පානය කරන්නන් හට අවුරුදු 100කට වඩා ජීවත් විය හැකි ය. පුරාණ ග්‍රීකයෝ, වයිකිංවරු, කොකේසියානු ජාතිකයෝ මෙන් ම මොන්ගෝලියානුවෝ ද රෝස්රූට් ප්‍රිය කළහ. නවතම පර්යේෂණයන්ට අනුව, රෝස්රූට් මානසික අවපීඩනය හා තෙහෙට්ටුව අඩු කිරීම සඳහා ඵලදායී වේ. එහි කාර්යක්ෂමතාව “සර්ට්රාලයින්” වැනි සාම්ප්‍රදායික විෂ නාශකවලට වඩා අඩු ය. එනමුත් වාසිදායක බවත් ප්‍රවේශම් සහගත බවත් බෙහෙවින් වැඩි ය.
1960 දශකයේ සිට රෝස්රූට් කිසියම් පුද්ගලයෙකුගේ සෞඛ්‍යය වෙත ඇති කරන බලපෑම පිළිබඳ අධ්‍යයන 200කට ආසන්න සංඛ්‍යාවක් සිදු කර ඇත. ශතවර්ෂ ගණනාවක් තිස්සේ මිනිසුන් මානසික අවපීඩනය, තෙහෙට්ටුව සහ වෙනත් බෝ නොවන රෝගාබාධවලට එරෙහි ව සටන් කිරීමට පිහිට පතා තිබුණේ මත්ද්‍රව්‍යවලිනි. එනමුත් රෝස්රූට් වැනි පැළෑටි එයට වඩා සිය දහස් ගුණයක් අගනේ ය. විශේෂයෙන් ම යුධ ශූරයින් වූ වයිකින්වරු එම පැළෑටිය යොදා ගත්තේ විඳදරාගැනීම සහ ශක්තිමත්බව වැඩි කර ගැනීම සඳහා ය. පුරාණ චීන ජාතිකයන් ද රෝස්රූට් පැළ සෙවීම සඳහා සයිබීරියාව තෙක් ගවේෂණ සිදු කොට තිබේ. මොන්ගෝලියානු වෛද්‍යවරු පිළිකා සහ ක්ෂය රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා රෝස්රූට් භාවිත කරති. මධ්‍යම ආසියානුවන් අදටත් විශ්වාස කරන්නේ සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ ඉක්මනින් සුව කර ගැනීම සඳහා හොඳ ම ඖෂධය වන්නේ රෝස්රූට් තේ බව යි.
“මාටර්” හිස් කබලේ අස්ථි කුඩු
15 වන සියවසේ දී පමණ මිය යන්නට ඇතැයි සැලකෙන පුද්ගලයෙකුගේ අසාමාන්‍ය හිස්කබලක් විද්‍යාඥයින් හට හමු වී තිබේ. “මාටර්” නමැති එම හිස් කබලේ අද්භූත සිදුරු කිහිපයක් විද ඇත. ඉතාලි පර්යේෂකයන් විශ්වාස කරන්නේ මෙම සිදුරු විදින්නට ඇත්තේ හිස්කබලේ කොටස් ලබා ගැනීමට බව යි.
15 වන ශතවර්ෂයට ආසන්න ව අංශභාගය, ආඝාතය සහ අපස්මාරය වැනි රෝග සඳහා ප්‍රතිකාර කිරීමේ දී හිස්කබලෙන් ලබා ගන්නා ලද කොටස්, කුඩු කොට භාවිත කරන ලදී. විද්‍යාඥයින්ට හමු වූ හිස් කබලෙහි විවිධ ප්රමාණයන්ට අනුව විවිධ ගැඹුරින් සිදුරු 16ක් විද ඇත. පර්යේෂකයන් විශ්වාස කරන්නේ අස්ථි කුඩු නිපදවීම සඳහා ම යොදා ගන්නා ලද විශේෂ මෙවලමක් භාවිතයෙන් මේවා නිපදවා ඇති බව යි. ප්‍රංශ රසායන විද්‍යඥ නිකලස් ලෙමරි (1645–1715) හෙළි කරන්නේ හිස් කබල කුඩු මිශ්‍ර කරන ලද ජලය පානය කිරීමෙන් මොළයේ රෝග සුව වන බව යි.
මෙම හිස් කබල ඔට්රාන්ටෝහි දිවි පිදූවෙකුට අයත් විය. ඔටෝමාන්වරු දින 15ක් පුරා එම ප්‍රදේශය යටත් කර ගැනීමට උත්සාහ කළහ. අවසානයේ 1480 අගෝස්තු 14 වන දින වන විට දිවි ගලවා ගෙන සිටි ඔට්රන්ටෝ වැසියන් 800 දෙනෙකුට සිදු වූයේ එක්කෝ ඉස්ලාම් ආගමට හැරීමට ය, නැත්නම් තම හිස නැති කර ගැනීමට ය. පසුව ඔටෝමාන්වරුන් විසින් මෙම වින්දිතයින්ට පහර දෙන ලදී. සාන්තුවරයන්ගෙන් ලබාගත් බවට විශ්වාස කෙරුණු විෂ වර්ග ශරීරගත කොට මරණයට පත් කරනු ලැබූවන් ද හදිසි මරණවලට ගොදුරු වූවන් ද මෙම අස්ථි කුඩු ඖෂධය නිපදවීම සඳහා විශේෂයෙන් ඵලදායී යැයි සැලකිණි. කෙසේ වුවත් අස්ථි කුඩු සෑදීම සඳහා ඉහත සඳහන් පුද්ගලයාගේ හිස් කබල තෝරාගත්තේ ඇයි ද? යන්න තවමත් අභිරහසකි.
රමේසියමේ පැපිරස් පත්‍රවල ගංජා.
1991 දී ඊජිප්තු හා ප්‍රංශ පුරාවිද්‍යාඥයින් පිරිසක් විසින් රමේසියම් නෙකොපොලිස් ප්‍රදේශය තුළ කැණීම් කොට වෛද්‍ය විද්‍යාව පිළිබඳ ලියවුණු පැපිරස් පත්‍ර මාලාවක් සොයා ගන්නා ලදී. මෙම පුරාණ ලියකියවිලි ක්‍රි.පූ. 18 වන සියවසේ ආරම්භය දක්වා දිව යන අතර එම යුගය පිළිබඳ මිළ කළ නොහැකි ඖෂධ විද්‍යාත්මක දැනුමක් ද ලබා දෙයි. අදාළ කෘති මගින් ව්‍යුහ විද්‍යාව, රෝග සහ නිර්දේශිත ප්‍රතිකාර පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ලබා දේ. මෙම පැපිරස් පත්‍ර පැරැණි අක්ෂර භාවිතයෙන් සිරස් තීරුවල ලියා ඇත.
රමේසියම් ප්‍රදේශය යනු ඊජිප්තුවේ දෙවන පාලක පාරාවෝවරුන්ගෙන් කෙනෙකු වන “දෙවන රැම්සේස්ගේ” මෘත ශරීරාගාරය යි. මෙම රජතුමා පන්සල්, ගොඩනැගිලි සහ නගර ඉදිකිරීම සඳහා ප්‍රසිද්ධ විය. ඔහු ගොඩ නැඟු නගරය වන “තීබන් නෙකොපොලිස්” යන්නෙහි තේරුම වන්නේ “ඉහළින් පිහිටි චෙරි” යන්න ය.
අදාළ ඖෂධ පැපිරස් පත්‍රවලින්, තුන් වන පත්‍රයෙහි ගිනි කන්දක් පුපුරා යාමක් පිළිබඳ විස්තර කරන අතර එහි දී පිළිස්සුම් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කළ යුතු ආකාරය සාකච්ඡා කරයි. ක්‍රි.පූ 1700 දක්වා දිවෙන, ඖෂධීය ගංජා පිළිබඳ පැරණිතම දැනුම් සම්භාරයක් ද එහි අඩංගු වේ. සිව් වන පැපිරස් පත්‍රය තුළ කාන්තා ව්‍යුහ විද්‍යාවට අදාළ ගැටලු ආවරණය කරයි. එහි දී දරු ප්‍රසූතිය, අලුත උපන් දරුවන් සහ උපත් පාලන ක්‍රම ගැන සාකච්ඡා වේ. පිටස්තරයෙකු විසින් රචනා කරන්නට ඇතැයි පෙනෙන පස් වන පැපිරස් පත්‍රය, හයිරොග්ලිෆික්ස් (රූප) අක්ෂරවලින් ලියා ඇත.
ශ්‍රීනි ලංකා ජයකොඩි
අත නොහැර කියවන තැන
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !
කොළඹ විශ්වවිද්‍යාලය තට්ටය මට්ටු කරමින් තෙලක් බෙදයි
ඉදිරි දශකය ජයගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජ විද්‍යාත්මක කථිකාවක්