ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ පෙරමුණේ
සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනත් ලැයිස්තුවේ
එක්සත් ජනපදයයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ එල්සිවයර් ප්‍රකාශකයන් එක්ව සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස 2020 වසරේ ලොව ඉහළම පෙළේ විද්‍යාඥයන් 2%කගේ නම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එහිදී ඔවුන්ගේ පර්යේෂණ, ප්‍රකාශන, පර්යේෂණවල ප්‍රතිඵල අනිකුත් විද්‍යාඥයන් යොදාගෙන ඇති ආකාරය සහ තවත් සාධක ගණනාවක් සැලකිල්ලට ලක් කර තිබෙනවා.
මෙම ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයන් 24 දෙනෙක් ද ඇතුළත්ව ඇත. එහි ඉහළින්ම සිටින්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මෙත්තිකා විතානගේ මහත්මියයි.
පේරාදෙනිය (6), කැලණිය (5), කොළඹ (4), ශ්‍රී ජයවර්ධනපුර (3), රජරට (2), යාපනය (1), වයඹ (1) ලෙස රාජ්‍ය විශ්ව විද්‍යාල 7ක් නියෝජනය කරමින් විද්‍යාඥයන් 22 ක් සහ අන්තර්ජාතික ජල කළමනාකරණ ආයතනය (IWMI) නියෝජනය කරන විද්‍යාඥයන් 2 ක් ද මේ නම් අතරට ඇතුලත්.
රජරට විශ්වවිද්‍යාලයේ ඖෂධ විද්‍යාව පිළිබඳව පිළිබඳ මහාචාර්යවරයා ලෙස කටයුතු කළ දැනට රාජ්‍ය අමාත්‍ය ධුරයක් දරණ මහාචාර්ය චන්න ජයසුමන මහතා ද මෙම ලැයිස්තුවට අයත්වීම විශේෂත්වයකි. ඔහු ශ්‍රී ලාංකිකයන් අතර 11 වන ස්ථානයේ පසු වනවා.
නිමල් සේනානායක, ජනක ද සිල්වා, SAM කුලරත්න, අසිත ද සිල්වා, නිලන්ති ද සිල්වා, සේනක රාජපක්ෂ, නීලිකා මලවිගේ, සුනෙත් අගම්පොඩි, සරෝජ් ජයසිංහ, නදීර කරුනාවීර,කාමිණී මෙන්ඩිස් යන වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ මහාචාර්යවරු කිහිප දෙනෙකුම මෙම 24 දෙනා අතර සිටීම විශේෂත්වයක්.
අදාල ලයිස්තුව මෙතනින්
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි