ගෑස් තොග නොමැති වීම හේතුවෙන් ලබන 25 වැනිදා දක්වා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට නිකුත් කිරීමට නොහැකි බව ලිට්‍රෝ සමාගම පවසනවා.
ගෑස් තොග අවසන් වීම හේතුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට සැපයීම ලිට්රෝ සමගාම නවතා දමනු ලැබුවේ පසුගිය 12 වැනිදා සිටයි.
එහිදී ඔවුන් පැවසුවේ අවුරුදු නිවාඩුව සඳහා ආයතනය වසා දමන බවයි.
ලබන 25 වැනිදා හා 26 වැනිදා ගෑස් මෙට්රික් ටොන් 3,600 බැගින් වූ නෞකා දෙකක් දිවයිනට සේන්දු වීමට නියමිත බවයි එහි නිලධාරියෙකු පැවසුවේ.
ඉන් අනතුරුව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් යළි නිකුත් කිරීමට හැකි වනු ඇති බවයි ලිට්රෝ සමාගම සඳහන් කළේ.
කෙසේ වෙතත් කර්මාන්ත ශාලා,රෝහල් ,ආදාහනාගාර වැනි අත්‍යවශ්‍ය සේවා සඳහා ගෑස් නිකුත් කිරීම අඛණ්ඩ සිදු කරන බව ද ලිට්රෝ සමාගම ප්‍රකාශ කළා.
මේ අතර ගෑස් හිඟය හේතුවෙන් මේ වනවිට ජනතාව දැඩි දුෂ්කරතාවකට ද පත්ව තිබෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට