ලලිත්, ගාමිණී, ප්‍රේමදාස රණ්ඩුව සමයේ එම තුන් දෙනාම ජීවිතවලින් වන්දි ගෙවා අවසන් වන බව ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා තමා සමඟ ඒ කාලයේදී පවසා තිබුනේ යැයි එක්සත් ජාතික පක්ෂ පා. මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
අප දේශපාලනය කරනවා නම් කුලල් කාගන්නේ නැතිව ඉදිරියට යා යුතුව තිබෙන බව කී අබේවර්ධන මහතා ලලිත් ඇතුලත්මුදලි මැරූ විට ඒ කාලේ ප්‍රේමදාස මහතාට ඇඟිල්ල දිගු කළ බවත් ප්‍රේමදාස මහතා මෙන්ම ගාමිණී දිසානායක ෙමැරුණාම ඇඟිල්ල දිගු කරන්න කවුරුවත් හිටියේ නැතැයි යැයිද ඒ මහතා කීය.
කුලල් කා ගත් සියලු දෙනා නැති වූ බව කී අබේවර්ධන මහතා සභාවේ ඉන්න අපි කුලල් කා ගත්තොත් ඉන් වාසිය ලැබෙන්නේ අපට නොව මුහුදෙන් පිට ඉන්න වෙනත් කණ්ඩායම්වලට යැයි පැවසීය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට