Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලංකාවේ ICU ඇඳන්වල ඇත්ත කතාව මේකයි, මේවා බොරු දේශපාලන කතා- සමන් රත්නප්‍රිය

2021 වසර වන විට මෙරට රජයේ රෝහල් පද්ධතිය තුළ ඇත්තේ දැඩි සත්කාර ඒකක ඇඳන් 510 ක් බව ආරක්ෂක අමත්‍යංශය වාර්තා කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරනවා.

2017 වසරේදී සිදු කල සමීක්ෂණයකට අනුව මෙරට රෝහල් තුල ICU ඇඳන් 492ක් තිබු බව තහවුරු වන බවයි.

නමුත් කොරෝනා දැඩි අවදානමක් ද පැවති 2020 වසරෙන්ද පසු සහ මේ වන විටත් වැඩි කර ගැනීමට හැකිව ඇත්තේ ඇඳන් 18 ක් පමණක් බවද ඔහු සඳහන් කරනවා.

මීට අමතරව කොරෝනා රෝගීන් වෙනුවෙන් බව පවසමින් නවීකරණය කල අම්පාර රෝහලේ වාට්ටුවට අවශ්‍ය දැඩිසත්කාර ඒකක ඇඳන් 6න් මේ වන විටත් ක්‍රියාත්මක වන්නේ ඇඳන් 2ක් පමණක් බවද ඔහු පවසනවා.

සමන් රත්නප්‍රිය මහතා මේ අදහස් පලකලේ Mee Massoo TV සමඟ විශේෂ කතා බහකට එක්වෙමින්.

එමෙන්ම මේ වන විට සිදුවන ICU ඇඳන් අසාධ්‍ය රෝගීන් සඳහා මුදලට විකිණීමේ ජාවාරමක් පිළිබඳවද ඔහු මෙහිදී අනාවරණය කළා.

About The Author