ලංකාවේ භාවිත වන ඉන්ධන ප්‍රමිතියෙන් තොර බවට පොලිස්පතිවරයාට පැමිණිල්ලක්
මෙරට අලෙවි කරමින් තිබෙන ඉන්ධන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොර බව පවසමින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා.
ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති වරයා වන ගැමුණු විජේරත්න මහතා විසින් අදාළ පැමිණිල්ල සිදු කර තිබීම විශේෂත්වයක්.
ඉන්ධන වල ප්‍රමිතිය පිළිබඳව බස් රථ හිමියන්ගෙන් පැමිණිලි ලැබී ඇති බවද පවසන ඔහු ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකර සැබෑ තත්ත්වය රටට හෙළි කරන ලෙස ද පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
බස් රථ වලට යොදන ඔටෝ ඩීසල් දහනය ඉහල ගොස් ඇති බවට පැමිණිලි රැසක් ලැබී අතිඅති බවද ඔහු පෙන්වා දෙනවා.
එමෙන්ම මෝටර් රථවලට යොදන පෙට්‍රල් පවා දහනය වීමේ සම්භාවිතාව ඉහළ බව ද ඔහු පවසන්නේ.
භූමිතෙල් වලින් දුවන බස්
ගැමුණු විජේරත්න මහතා එසේ සඳහන් කළද මේ වන විට මෙරට බස් රථ වලින් සැලකිය යුතු ප්‍රමාණයක් භූමිතෙල් වලින් ධාවනය වන බවට චෝදනාවක් ද සමාජය තුළ කතා බහට ලක්ව තිබෙනවා.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාද පසුගිය දිනක පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදී මේ පිළිබඳ කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කර ඇති බවද අප වෙත වාර්තා වුණා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට