චීන තානාපති කාර්යාලය විසින් ප්‍රදර්ශනය කර ඇති ශ්‍රී ලංකාව වෙනුවෙන් නිර්මාණය කරන ලද උමං කැණීමේ යන්ත්‍රය සහ අදාළ ව්‍යාපෘතිය පිළිබඳ මේ වන විට ජනතාවගේ අවධානය යොමුව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පසුගිය දිනක කුරුණෑගල පැවති වැඩසටහනක් අතරතුර අදහස් පල කර තිබෙනවා.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මෙම ව්‍යාපෘතිය හරහා ඇමරිකානු ඩොලර් මිලියන 35ක වංචාවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.
වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ඉංජිනේරුවන් ද මෙම වංචාවට සම්බන්ධ බවට ද චම්පික රණවක මහතා චෝදනා එල්ල කරනවා.
වාරිමාර්ග අමාත්‍යාංශයේ විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ චමල් රාජපක්ෂ මහතායි.
මේ සම්බන්ධව චම්පික රණවක මහතා සිදුකළ අදහස් දැක්වීමි උපුටාගැනීම,
මම දැක්කා මේ ලංකාවේ උමං කනින්න චීනයෙන් යන්ත්‍රයක් ගේනවා කියලා. ඇත්තටම අද මේ උතුරු මැද ඇළ එහෙම නැත්නම් සෙන්ට්රල් කැනෑල් එක, කඩිනම් කිරීමේ මුවාවෙන් අති විශාල වංචාවක් සිදු කරන්න යනවා. ඒක වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවොත් සියලු දෙනාම කරලා තියෙනවා. නමුත් ඒ අමාත්යාංශ ලේකම්වරයාත් එක්ක එකතුවෙලා ඩොලර් මිලියන තිස්පහක විශාල වංචාවක් මේ උතුරු මැද ඇල හරහා සිද්ධ කරන්න යනවා. මේ උමග තැනීමට මුවා වෙලා. ඒ බවත් කියන්න ඕනේ. මේවා මේ පුදුම වෙන්න දේවල් එහෙම නෙවෙයි. මේවා පිටිපස්සේ තියෙන්නේ විශාල ජාවාරම්. අපිට කියන්න තියෙන්නේ ඉතා කණගාටුවෙන්, ඒ කාලේ කරපු ජාවාරම් වල ප්‍රතිඵල තමයි දැන් අපිට භුක්ති විඳින්න වෙලා තියෙන්නේ. මේ තත්වය වෙනස් කරන්න. වහාම පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ වල නියෝජිතයෝ මැදිහත් වෙන්න ඕනේ. මොකද මේ රට බංකොලොත් වුණොත් මේ රට අවුරුදු දහයකටවත් නැවත ගොඩගන්න හම්බවෙන්නේ නැහැ.”
කෙසේ වෙතත් 2015 වසරට පෙර චම්පික රණවක මහතා ද අදාල රජය නියෝජනය කරමින් අමාත්‍යධුර කිහිපයක්ම හොබවා තිබෙනවා.
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?