විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙකුට චෝදනා
ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 180 ක වන්දියක් ඉල්ලා මැලේසියානු සමාගමක් විසින් සිංගප්පූරු බේරුම්කාර මණ්ඩලයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තාවනවා.
යාපනය සුළං සහ සූර්ය බල ව්‍යාපෘතියක් පිහිටුවීමට මෙම මැලේසියානු සමාගමට බලපත්‍රයකින් අනුමැතිය ලබාදී පසුව එය අවලංගු කර ඇති බවයි හෙළිවන්නේ.
බේරුම්කාර මණ්ඩලයේ විභාග වන මෙම නඩුව සඳහා මේ වන විට නීතිඥයන්ට රුපියල් මිලියන 200 ක ට වැඩි මුදලක් වැය කර ඇතැයි ද ඔහු සඳහන් කළා..
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා විදුලි බල මණ්ඩල නිලධාරියෙක් ඩොලර් මිලියන 02 ක අල්ලසක් ඉල්ලා සිටි බවද එම සමාගම බේරුම්කාර මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලේ සඳහන් කර ඇති බවයි පැවසෙන්නේ.
එම අල්ලස ලබා නොදීම තම සමාගමට ලබාදුන් බලපත්‍රය අහෝසි කිරීමට හේතු වූ බවද ඔවුන් පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.
© උපුටාගැනීම – LankaCNews


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට