Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රේගුවේ සුපිරි ගැහිල්ලක් : අපරාධ යට ගසා ආණ්ඩුවෙන් තෑගි මුදලුත් ලබා ගන්නා ක්‍රමයක් හෙළිවෙයි : පාඩුව රුපියල් බිලියන ගණනක්

නොරොච්චෝලේ ගල් අගුරු ආනයනයේ මහා පරිමාන බදු වංචාවක්

H . S Code වෙනස් කරයි : පාම් ඔයිල් ආනයනයෙන් වසර තුනක පාඩුව රුපියල් මිලියන 6130

රට ට හිමිවිය යුතු බදු ආදායමින් රුපියල් බිලියන ගණනක් වංචා කරමින් ශ්‍රී ලංකා රේගුවේ සිදුවන අක්‍රමිකතා රැසක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙහි ඇති විශේෂත්වය වන්නේ රේගු නිලධාරින් විසින් බදු ආදායම රටට අහිමි කිරීමෙන් නොනැවතී රජයේ මුදලින් ත්‍යාගද හිමි කර ගැනීමයි.

රජයේ ගිණුම් කාරක සභාව විසින් සියලු කරන ලද විමර්ශනයකට අදාළව මෙම කරුණු අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් Mee Maassoo TV සමඟ විශේෂ කතාබහකට එක්වෙමින් රජයේ ගිණුම් කාරක සභාව නියෝජනය කළ ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙම කරුණු පැහැදිලි කලා.

මීට අමතරව ආදායම් බදු දෙපාර්තමේන්තුව , අධ්‍යාපන අමාත්‍යංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක සිදුවූ අක්‍රමිකතා කිහිපයක් පිළබඳ මෙහිදී කරුණු විශ්ලේෂණය කිරීම විශේෂත්වයක්.

About The Author