අවසානයේ දී රුසියාව යුක්රේනයට එරෙහි ව යුධ වැදීම ආරම්භ කර තිබේ. මේ වන විට ඔවුහු එරට අගනුවර වන කීව් නගරයට පහර දෙමින් සිටිති.
කීව් නගරයෙහි මෙන්ම යුක්රේනය අවට ද දරුණු ගැටුම් වාර්තා වේ.
කීව් අගනුවර, මයිඩාන් චතුරශ්‍රය අසල විශාල පිපිරීමක් වාර්තා වූ අතර නගරයේ ට්රොයිෂ්චිනා ප්‍රදේශයේ ද බහුවිධ පිපිරීම් වාර්තා වී තිබේ.
කීව්හි කාලතුවක්කු ප්‍රහාර නගර මධ්‍යයේ සිට සැතපුම් ගණනක් ඈතට ඇසෙන තරම් ඝෝෂාකාරී විය.
“Kyiv Independent” පුවත්පතට අනුව, නගරයේ සත්වෝද්‍යානය අසල සහ Shuliavka නමැති අසල්වැසි ප්‍රදේශයේ පිපිරීම් 50කට වැඩි ප්‍රමාණයක් සහ බර මැෂින් තුවක්කුවලින් කළ වෙඩි තැබීම් වාර්තා වී ඇත.
Fox News විදේශ වාර්තාකරු Trey Yingst පැවසුවේ අගනුවර “මේ වන විට විවිධ දිශාවන්ගෙන්” ප්‍රහාරයට ලක්ව ඇති බවයි.
යුක්රේන රාජ්‍ය විශේෂ සේවයට අනුව අගනුවර ට්රොයිස්චිනා දිස්ත්‍රික්කයේ CHP-6 බලාගාරය අසල සටන් සිදුවෙමින් පවතී. මෙම ප්‍රහාරය නගරයට විදුලිය අහිමි කිරීමේ ප්රයත්නයක් විය හැකිය.
කීව් නගරයට අයත් Peremohy මාවතේ වාහන සුන්බුන් සහ දැවෙන ගිනි දැකිය හැකි ව තිබේ.
රුසියානු පැරෂුට් භටයින් බැසීමට ඉඩ ඇතැයි සැලකෙන Vasylkivහි ගුවන් තොටුපොළ අසල දරුණු සටන් වාර්තා වී ඇත.
මේ අතරවාරයේ තමන් කළු මුහුදේ හා Mykolaiv නගරයේ සිටි රුසියානුවන් සාර්ථකව පලවා හැරි බව යුක්රේන හමුදාව ප්‍රකාශ කරයි.
අත නොහැර කියවන තැන
ඉන්දියාවේ උමගක් තුළ සිරවුණු කම්කරුවන් බේරා ගැනීම ඇරඹෙයි
සිවු දින සටන් විරාමයකට කැමැත්ත
ඊශ්‍රායල් – හමාස් යුද්ධයට සටන් විරාමයකට යෝජනාවක්