රුසියානු-යුක්රේන යුද්ධය ආරම්භ වී වසරක් පිරීම නිමිත්තෙන් South-South Research Initiative ආයතනය විසින් සංවිධානය කරන ලද සංවාද මණ්ඩපයක් පසුගියදා ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. “යුක්රේන යුද්ධය හේතුවෙන් දකුණු ආසියාවට එල්ල වන අභියෝග” යන තේමාව යටතේ මෙම සංවාද මණ්ඩපය සංවිධානය කර තිබිණි. මෙම සාකච්ඡාවට කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික සබඳතා අංශයේ ආචාර්ය පවිත්‍රා ජයවර්ධන යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. නීතිවේදී නයන තරංග ගමගේ මෙම සංසදය මෙහෙයවනු ලැබීය.
යුක්රේන යුද්ධයෙන් දකුණු ආසියානු කලාපයට එල්ල වන භූ-දේශපාලනික සහ ආර්ථික බලපෑම් පිළිබඳව මෙම සංසදයේදී සාකච්ඡා කෙරිණි. රුසියානු-යුක්රේන යුද්ධයේදී ශ්‍රී ලංකාව කිසිදු සෘජු කාර්යභාරයක් ඉටු නොකරන නමුත්, එය ශ්‍රී ලංකාව අදාළ නොවන කාරණයක් ලෙස නොසළකා හැරිය යුතු කරුණක් නොවේ. මන්දයත් යුක්රේන යුද්ධය ආශ්රිත වර්ධනයන් දැනටමත් වක්‍රව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිව යුතු ලෙස බලපා ඇත. එවැනි වර්ධනයන්, ආර්ථික පුනර්ජීවනය සඳහා අවශ්‍ය වන අන්තර්ජාතික ආධාර ලබා ගැනීමේදී ශ්‍රී ලංකාවට පවතින හැකියාවට ද බලපෑම් එල්ල කරයි. මෙම සංවාද මණ්ඩපයක් එක්වූ ආර්ථික විද්‍යාව සහ අන්තර්ජාතික සබඳතා (IR) පිළිබඳ විශේෂඥ විද්වතුන් පෙන්වාදු ආකාරයට, මෙම තත්ත්වය ශ්‍රී ලංකාව තුළ වැඩිදියුණු කළ ආර්ථික සහ විදේශ ප්‍රතිපත්ති සැකසීමට පාදක කරගත අවස්ථාවක් වේ.
කොළඹ පදනම් කරගත් ස්වාධීන පර්යේෂණ චින්තන පර්ෂදයක් වන South-South Research Initiative සමාජ, ආර්ථික, දේශපාලන, භූ දේශපාලනික සහ නීතිය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක පර්යේෂණවල නිරත වේ.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි