කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සහ ඔහුගේ පවුලේ කිහිපදෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වනවා.
සිදුකරන ලද අහඹු PCR පරීක්ෂණයකදී මේ බව තහවුරු වී ඇති බවයි වාර්තාවන්නේ.
කෙසේ වෙතත් මේ වන විට රාජ්‍ය අමාත්‍යවරයා සහ ආසාධිත පවුලේ සාමාජිකයන් ප්‍රතිකාර සදහා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හදුනාගෙන ඇති කාර්ය මණ්ඩල සාමාජිකයින්ටද ස්වයං නිරෝධායනය සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද උපදෙස් ලබා දී තිබෙනවා.
කෑගල්ලේ ධම්මික පැණියත් බීලයි හිටියේ
පියල් නිශාන්ත මහතා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ කොරෝනා පැණිය ද පානය කර සිටි මන්ත්‍රීවරුන් අතරින් කෙනෙක්.
ජනාධිපතිතුමන් සමග ටයර් ෆැක්ටරිය අරින්නත් ගිහින් – තවත් උත්සව රැසකට ගිහින්
ඔහු පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ හොරණ ප්‍රදේශයේ ටයර් කර්මාන්ත ශාලාව විවෘත කිරීම සඳහා මෙන්ම කළුතර සහ කෑගල්ල ප්‍රදේශවල පැවති උත්සව කිහිපයකටද සහභාගී වී තිබෙනවා.
මේ අවස්ථාවට රජයේ මැති ඇමතිවරු රැසක් ද එක්ව සිටියා.
කෙසේ වෙතත් ඔහු තමන්ට කොවිඩ් අසාදනය වී ඇති බවත් ආශ්‍රිතයන් සියලුදෙනා අවධානය යොමු කර නිරෝධායනයට කටයුතු කරන ලෙසත් සිය නිල Facebook පිටුවෙහි සටහන් කිරීමට ද නිහතමානී වී තිබුණා.
අත නොහැර කියවන තැන
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක
රාජ්‍ය සේවයේ ගෙවීම් DIGITAL වේදිකාවකට මාරු කෙරේ
ආනන්ද විජේපාල දරන මහජන ආරක්ෂක ඇමති ධූරය සහ ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි පෙත්සමක්