සිංහල භාෂාව මරා දැමීමක්
වර්තමානයෙ බොහෝමයක් උසස් අධ්‍යාපන පාඨමාලා ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමාවීම සහ විශේෂවේදී උපාධි සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ක්‍රියාත්මකවීම ශ්‍රී ලංකාවේ උරුමයට සහ රටේ අනන්‍යතාවය ආරක්ෂා කරන ජාතික භාෂාවට බරපතළ තර්ජනයක් බවත් උසස් අධ්‍යාපනය ඉංග්‍රීසියට පමණක් සීමා නොකළ යුතු බවත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
ජාත්‍යන්තරයට පිවිසීමට ඉංග්‍රීසි භාෂාව අවශ්‍ය යැයි අනිවාර්යෙන්ම පිළිගැනීම වුවත් ඒ සෑම දෙයක් තුළින් අපේ භාෂාවට හානියක් නොවී අපගේ භාෂාව ජීව භාෂාවක් වශයෙන් රැකගත යුතු බව කී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා එසේ නොමැතිව අපේ සිංහල සහ දෙමළ භාෂාවන් නොසලකා හැරලා වෙනත් ආදේශක භාෂා මතම පමණක් පිහිටා කටයුතු කිරීම තුළින් අපගේ භාෂාව පරිහානියට පත්වන බව ද සඳහන් කරනවා.
අප්‍රිකාවේ ඇතැම් ප්‍රධාන භාෂාවන්ට අත්වූ ඉරණම සිංහල භාෂාවටත් අත්විඳින්න සිදුවනු ඇති බවත් ලෝකයේ බොහෝ රටවල් උසස් අධ්‍යාපනය ලබාදීමේදී තම රටේ භාෂාවේ අනන්‍යතාවයට ප්‍රමුඛතාව දෙමින් කටයුතු කරගෙන යන්නාක් මෙන් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය සකස් විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
වාසුදේව නානායක්කාර මහතා ජාතික භාෂා අමාත්‍යවරයාව සිටි අවධියේ ඔහු ලද අත්දැකීම් සහ සිංහල භාෂාවේ ඇති වැදගත්කම මෙන්ම අනන්‍යතාවය පිළිබඳව ඒ මහතාගේ සංකල්පයක් මුල් කරගනිමින් ආචාර්ය ඊ.එම්. රත්නපාල මහතා රචනා කළ ‘සිංහල බස් විමසුම’ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මෙම අදහස් පල කළා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි