රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාට එරෙහිව රාජ්‍ය පරිපාල අමාත්‍යාංශය විසින් කුරුදුවත්ත පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
ඒ රජයේ නිල නිවාසයක් බලහත්කාරයෙන් අත්පත් කරගත් බවට චෝදනා කරමින්.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා රැඳී සිටි රජයේ නිල නිවසේ යතුර නැවත බාරදීමෙන් අනතුරුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට පැමිණි ජගත් පුෂ්පකුමාර මහතා තමන්ට එම නිවසේම යතුර අවශ්‍ය බව පවසමින් බලහත්කාරී ලෙස එය ලබා ගෙන ගොස් ඇති බවයි දැනගන්නට ඇත්තේ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් කුරුඳුවත්ත පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර තිබෙන්නේ ඒ අනුවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පල කරන ජගත් පුෂ්පකුමාර මහතා සඳහන් කරන්නේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස නිවසක් ලබා ගැනීමේ අයිතිය තමන්ට පවතින බැවින් ජනාධිපති ලේකම්වරයාගේ ද අනුමැතියට ද යටත්ව තමන් නිවසක් ලබා ගැනීම සිදු කළ බවයි.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි