Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රාජපක්ෂ පවුලෙත් නම් ගෑවුණු පැන්ඩෝරා පත්‍රිකා විමර්ශනය බොරු සංදර්ශනයක් : පරීක්ෂණ හමස් පෙට්ටි වල

මාස හතරක් නිකරුණේ කා දමලා

අයථා ලෙස ඩොලර් බිලියන ගණනක වත්කම් ඉපයීමට අදාළ පැන්ඩෝරා ලියවිලිවල නම් සඳහන් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සමීපතමයන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අරඹා මාස 4ක් ගතවී ඇතත්, මේ වන තෙක් එහි කිසිදු ප්‍රගතියක් දක්නට නැති බව වාර්තා වේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් මේ විමර්ශනය සිදු කරයි. පැන්ඩෝරා ලියවිලිවල සඳහන් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කිරීමට නම් ඔවුන් පිළිබඳ නිශ්චිත තොරතුරු යම් පාර්ශ්වයක් මගින් ලබා දිය යුතු බව මේ පිළිබඳ මාධ්‍ය කළ විමසීමකදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් එච්.එම්.ඩබ්ලියු. සී. බණ්ඩාර සඳහන් කර තිබිණි. යම් ලියවිල්ලක නම් සඳහන් වූ පමණින් විමර්ශන ආරම්භ කළ නොහැකි බව පවසා ඇති දේශීය ආදායම් කොමසාරිස්වරයා, ඊට අදාළ පාර්ශ්වවල හැඳුනුම්පත් අංක, ස්ථීර පදිංචිය සඳහන් ලිපින සහ ඔවුන්ගේ ආදායම් බදු අංක තිබිය යුතු බව ද පෙන්වා දී තිබේ.

මුදල් අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය හෝ එවැනි යම් පාර්ශ්වයක් මගින් පැන්ඩෝරා ලියවිලිවල නම් සඳහන් බව කියන ශ්‍රී ලාංකිකයන් පිළිබඳ අද දක්වා කිසිදු දැනුම් දීමක් කර නොමැති බව පවසා ඇත. ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය ප්‍රකාශයට පත් කරන ලද පැන්ඩෝරා ලියවිලිවල සඳහන් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැවරී ඇති බලතල අනුව විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් පසුගිය ඔක්තෝබර් 13 දා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව, පැන්ඩෝරා ලියවිලිවල අන්තර්ගත ශ්‍රී ලාංකිකයන්ගේ බදු ගෙවීම්වලට අදාළ ලිපිගොනු පරීක්ෂා කිරීමක් සිදුකොට බදු පැහැර හැර තිබේදැයි පරීක්ෂා කරන බව එම නිලධාරිනිය සඳහන් කොට තිබිණි. අධිකරණයෙන් ඒවා සම්බන්ධ වාර්තා කැඳවීමක් කළහොත් පරීක්ෂා කර ලබාගන්නා තොරතුරු ලබාදීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බැඳී සිටින බව ඇය වැඩිදුරටත් කියා ඇත.

© උපුටා ගැනීම – ලංකා

About The Author