රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස අද දිනයේ තුළ දිවුරුම් දෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.
පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ඇති සහ ජාත්‍යන්තරයට විශ්වාස කළ හැකි නායකයෙකු ප්රමුඛ කැබිනට් මණ්ඩලය පත් කර ගැනීමේ අවශ්‍යතාවය පසුගිය කාලය මුළුල්ලේම මතුව තිබූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස වික්‍රමසිංහ මහතාට එම වගකීම භාරගන්නා ලෙස පක්ෂ විපක්ෂ බහුතර මන්ත්‍රීවරුන් ඉල්ලා සිටි බවත් එම ප්‍රකාශකයා සඳහන් කළා.
විශේෂයෙන්ම මේ වන විට රට තුළ මතුව ඇති අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය පාලනය කරමින් ජනතාවට සහන ලබාදීම සහ කඩා වැටුණු ආර්ථිකය නැවත ගොඩ ගැනීමේ අභියෝගය මෙම තීරණාත්මක මොහොතේ පැහැර හැරිය නොහැකි වගකීමක් බව විශ්වාස කරමින් වික්‍රමසිංහ මහතා අදාළ යෝජනාවට එකඟ වූ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් සමාජයේ විවිධ අදහස් පවතින නමුත් කලබලයකින් තොරව රට ගැන සිතමින් ජනතාව කටයුතු කළ යුතු බවත් ජනතාව බලාපොරොත්තු වන සාධාරණත්වය ඉටු කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා උපායශීලීව කටයුතු කරනු ඇති බවත් එම ප්‍රකාශකයා අවධාරණය කළා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි