Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“රන්ජන් හිරේ යැවීම පිටුපස සජිත් සහ සුමන්තිරන් හිටියා ,මට කිව්වේ රන්ජන්මයි” මහින්දානන්ද පාර්ලිමේන්තුව අවුළුවයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරුව දැනට සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා උසාවියේදී තමා හමුවූ මොහොතක හෙළිකළ කරුණක් බව පවසමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් කතා බහක් නිර්මාණය වුණා.

අලුත්ගමගේ මහතා පැවසුවේ ” තමන්ට සිරගත වීමට ප්‍රධාන හේතුව බවට පත් වුයේ සජිත් ප්‍රේමදාස සහ තමන්ගේ නඩුවේ නීතිඥවරයා ලෙස කටයුතු කළ එම්.ඒ සුමන්තිරන්ගේ ක්‍රියාකලාපය” යැයි රාමනායක මහතා තමන් සමග ප්‍රකාශ කළ බවයි.

රන්ජන් රාමනායක මහතාගේ නිවැරදි බව තහවුරු කිරීම සඳහා සාක්ෂිකරුවන් 103 දෙනෙකු සිටි බවත් ඉන් ඉදිරිපත් කලේ සාක්ෂිකරුවන් තිදෙනෙකු පමණක් බවත් රාමනායක මහතා තමන් සමග පැවසු බව පෙන්වා දුන් අමාත්‍යවරයා සාක්ෂි කරුවන් ඉදිරිපත් නොකළේද සුමන්තිරන් මහතාගේ උවමනාව මත බවද සඳහන් කළා.

තමන් පවසන කරුණු සත්‍ය බවත් අවශ්‍ය නම් දිවුරුම් ප්‍රකාශයක් ලබා දිය හැකි බවත් සඳහන් කල මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ වන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රන්ජන් රාමනායක මහතා ලවා රජයට එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිලි කිරීමේ උත්සාහයට රන්ජන් රාමනායක මහතා අකමැති බවද සඳහන් කළා.

කෙසේ වෙතත් මීට ප්‍රතිචාර දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අසත්‍ය ප්‍රකාශය වහා ඉල්ලා අස්කරගන්නා ලෙසත් එය හැන්සාඩ් ගත වීම නතර කර දමන ලෙසත් පැවසීම සමග උණුසුම් කතා බහක් නිර්මාණය වුණා.

ප්‍රේමදාස මහතා සඳහන් කළේ මෙම ප්‍රකාශය බරපතල අපහාසයක් බවයි.

තමන් විපක්ෂනායකවරයා ලෙස රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි අයුරුද ප්‍රේමදාස මහතා මෙහිදී සඳහන් කළා.

About The Author