මෙරට සිදුවූ සාපරාධී පුද්ගල පැහැර ගැනීම සහ මනුෂ්‍ය ඝාතන රැසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ මෙහෙය වූ සහ ඒ සම්බන්ධයෙන් රජයේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානී හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සිය ජීවිත අවදානම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කර තිබෙනවා.
ඒ පොලිස්පති පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින්.
අදාළ ලිපිය මගින් ශානි අබේසේකර මහතා ඉල්ලා සිටින්නේ තමාගේ සහ තම පවුලේ ජීවිත අනතුරේ වැටී ඇති බැවින් තමන්ට ආරක්ෂාව සලසා දෙන්න ලෙසයි.
තමා විසින් යුද හමුදා, නාවික හමුදා සංවිධානාත්මක අපරාධ කල්ලි මෙන්ම ත්‍රස්තවාදී කණ්ඩායම් සම්බන්ධ විවිධ පරීක්ෂණ සිදුකර ඇති බවත් ඉන් ඇතැම් චූදියන් මේ වන විටත් බන්ධනාගාරගතව සිටින අතර ඊට අදාළ නඩු කටයුතු තවමත් අධිකරණවල විභාග වෙමින් පවතින බවද ශානි අබේසේකර මහතා සිය ලිපියෙන් පැහැදිලි කර තිබෙනවා.
මේ වන විට තමාට ලබා දී තිබූ ආරක්ෂාව ඉවත් කර ඇති අවස්ථාවක මෙම නඩු කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින වකවානුවක තමාගේ මෙන්ම තම පවුලේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
තමාට මරණීය තර්ජන ඇති බවට සදහන් කරමින් බුද්ධි අංශ මගින් මින් පෙර ලබාදී තිබූ වාර්තාවකට අනුව හිටපු පොලිස්පති එන්.අකේ ඉලංගකෝන් මහතා තමාටත් තම නිවසටත් ආරක්ෂාව ලබා දී තිබුණු බවත් ඉකුත් 2019 නොවැම්බර් මස 21 වැනිදා එම ආරක්ෂාව ඉවත් කළ බවද ඔහු සිය ලිපියෙන් කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය මත තමා සන්තකයේ තිබූ පතුරොම් තුවක්කුව සහ පිස්තෝලයද තමා බන්ධනාගාර ගත කිරීමෙන් පසුව බොරැල්ල පොලීස් ස්ථානයට බාරදුන් බවත් අදාළ ලිපියේ දක්වා ඇති ඒ මහතා මේ වන විට තමාට ඉහත කී කිසිදු ආරක්ෂාවක් නොමැති බැවින් තමාට මෙන්ම තම පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාවට අවශ්‍ය පියවර ගන්නා ලෙසද පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට