Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රට ණය කළ වැඩිම සංගුණකය රාජපක්ෂ පාලනය සතුයි : ආලාපලු වූ රට ගැන පාඨලී මහා සභාවක කරුණු දිග හරියි

43 සේනාංකය පළමු වසර සමරමින් වෙඩි මුරයක

රටේ ආර්ථිකය කඩා වැටීමේ ප්‍රධාන වගකීම රාජපක්ෂ පාලනය සතු බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

43 වන සේනාංකයේ පළමු වසර සැමරීම නිමිති කර ගනිමින් ඊයේ දින(23) ශ්‍රී ජයවර්ධනපුර දී “බලාපොරොත්තු අත්හැර නොගනිමු ගොඩ එමු..ගොඩ නගමු..” යන මැයෙන් පැවති සමුළුවේදී මෙම කරුණු හෙළි කෙරුණා.

එහි ප්‍රධාන දේශනය සිදුකරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙරට ආර්ථිකය වර්තමානයේ මුහුණ දී බරපතළ අර්බුද සම්බන්ධයෙන් විශේෂ අනාවරණයන් කිහිපයක් සිදුකරනු ලැබුවා.

ඔහු අවධාරණය කළේ 2004 – 2014 කාල සීමාව තුළ විශේෂයෙන් 2011 වසරේදී සිදුකළ අවිධිමත් සහ අදූරදර්ශී සංවර්ධන ව්‍යාපෘතීන් හේතුවෙන් රටේ ආර්ථිකය බරපතල අර්බුදයකට පත්ව ඇති බවයි.

නියමිත ශක්‍යතා අධ්‍යයනයන් සහ මූල්‍ය අධ්‍යනයන් සිදු නොකරමින් වාණිජ ණය ලබා ගනිමින් මහාපරිමාණ දූෂණයට ඉඩකඩ විවර කරමින් සිදු කළ එම සංවර්ධනයේ අනිටු ප්‍රතිඵල මේ වන විට රට හමුවී ඇති බව ද චම්පික රණවක මහතා පෙන්වා දුන්නා.

2021 වසරේ ගෙවා දැමූ ණය වාරිකය පිළිබඳව සිහිපත් කළ චම්පික රණවක මහතා පෙන්වා දුන්නේ ඉන් 14% 2004 ට පෙර පැවති රජයන් විසින් ලබාගත් ණය වලට අදාල වාරික බවයි.

යහපාලන රජය ණය ලබාගත් බවට චෝදනා එල්ල වුවද එම ණය වාරිකයේ පංගුව 8% ක් පමණක් බව ද සිහිපත් කළ හිටපු අමාත්‍යවරයා ඉතිරි 78% ක් වූ පංගුව 2004 – 2014 කාලසීමාවේදී බලයේ සිටි පාලකයන් විසින් ලබාගෙන ඇති ණය වලට අදාල වාරිකය බවද පෙන්වා දුන්නා.

2011 වසරේදී යුද්ධයෙන් පසු රට තුළ සිදු වූ විප්ලවීය සංවර්ධනය තුළ මහා පරිමාණ වංචා දූෂණ රැසක් සිදුව ඇති බව පැවසූ චම්පික රණවක මහතා 2004 – 2014 කාලයේදී ඩොලර් බිලියන 19 ක විදේශ විනිමය රටෙන් පිට කර ඇති බව ද සදහන් කළේ ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂණ වාර්තා කිහිපයක් උපුටා දක්වමින්.

'බලාපොරොත්තු අත් නොහරිමු, ගොඩ එමු – ගොඩ නගමු' 43 සේනාංකය ජාතික සමුළුව

බලාපොරොත්තු අත් නොහරිමු, ගොඩ එමු – ගොඩ නගමු 43 සේනාංකය ජාතික සමුළුව

Posted by Patali Champika Ranawaka on Sunday, 23 January 2022

මෙම සමුළුව අතරතුර දී “බලාපොරොත්තු අත්හැර නොගනිමු ගොඩ එමු..ගොඩ නගමු..” යන මැයෙන් පොත් පිංචක් එලි දැක්වීමද සිදු කෙරුණා.

About The Author