දන්නේ පස්සෙලු – මියන්මාර රජය අවුල් කළ නිළධාරියකුත් ඒ අතර ඉන්නවලු
ලංකාවට ගුලිය ඇඹරූ සමන්තා පවර්ගේ බැටෑලියන් එක රහස් මෙහෙයුම අරඹයි..
රටේ ආරක්ෂක සිදුරු හරහා රටට අහිතකර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු හමුද නිලධාරින් පිරිසක් ලංකාවට ඇතුළු වී ඇති බව දෙරණ මාධ්‍ය ජාලයට අයත් අරුණ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
උපුටා ගැනීම
ජාත්‍යන්තර සංවර්ධන සඳහා ඇමරිකානු කාර්යාංශයේ (යූ.එස්.එඩ්) මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු සඳහා ඇමරිකානු හමුදාවේ හිටපු නිලධාරීන් කිහිපදෙනකු රහසිගතව මෙරටට ඇතුළුවීම සම්බන්ධව ඉහළ පෙළේ විමර්ශනයක් අරඹා ඇත.
රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ මහ ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් නීතිඥ රාජා ගුණරත්න ආරක්ෂක අමාත්‍යාංශය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මේ සම්බන්ධව විමර්ශන අරඹා ඇත.
සංචාරක වීසා මත මෙම කණ්ඩායම් මෙරටට පැමිණ ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශය හෝ දැනුවත් කර නොමැතිව බව විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ තහවුරු කර ඇත.
මේ අනුව මේ සම්බන්ධ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විමසීම සම්බන්ධව ඉකුත් සිකුරාදා (04 වැනිදා) විදේශ අමාත්‍යාංශ නිලධාරීන් ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණ සාකච්ඡා අරඹා තිබිණි.
දැනට අරඹා ඇති බුද්ධි අංශ විමර්ශනවලින් සංචාරක වීසා මත මෙරටට පැමිණි ඇමරිකානු හමුදාවේ සේවය කර පැමිණි නිලධාරියකු හඳුනාගෙන ඇත.
මෙම නිලධාරියා මීට පෙර සේවය කර ඇත්තේ රාජ්‍ය යාන්ත්‍රණය අවුල් සහගත තත්ත්වයට පත්කළ මියන්මාරයේ බව අනාවරණය වී ඇත. මෙම නිලධාරීන් මෙරටට පැමිණීමේ යම් අරමුණක් තිබේද? රට තුළ අර්බුද ඇතිකිරීමට හෝ තොරතුරු පිටට ලබාදීමටද යන්න පිළිබඳව දැනට සොයාගෙන යන බව ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අනාවරණය කළේය.
දැනට කෙරෙන විමර්ශනවල අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන්ද මොවුන් පැමිණි ආකාරය සෙවීමට ප්‍රකාශ ලබාගෙන ඇත. ඊට අමතරව යු.එස්. එයිඩ් සංවිධානය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන වෙත මුදල් පැමිණි ආකාරය සොයා බැලීම සඳහා මුදල් අමාත්‍යාංශයේ බාහිර සම්පත් අංශයේ නිලධාරීන්ගෙන්ද ප්‍රකාශ ලබාගෙන ඇත.
මේ සම්බන්ධව ජාතික ආරක්ෂක කවුන්සිලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද දැනුවත් කර ඇත. යූ.එස්. එයිඩ් සංවිධානයේ ප්‍රධානියා ලෙස සිටින්නේ එක්සත් ජාතීන්ගේ හිටපු නිත්‍ය නියෝජිත සමන්තා පවර් ය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජයේ සහ ඇමරිකානු රජයේ සම අනුග්‍රහය යෝජනා ගෙන එන්නේද ඇගේ කාලයේදීය.
© මුලාශ්‍රය – තිස්ස රවීන්ද්‍ර පෙරේරා – අරුණ
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට